(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය නතර කිරීම පිළිබඳ අද පස්වරු 3 වනතෙක් කිසිදු තීන්දුවක් නොගත් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.
කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර, ඩෙංගු, වකුගඩු, පිළිකා ප්‍රතිකාර සේවා නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන බවත් ළමා හා මාතෘ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

