වෛද්‍ය පරීක්ෂණ වැඩි හරියකින් වැඩක් නෑ


ලෝකයේ     වෛද්‍ය පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් සිදු  අනවශ්‍ය හේතු මත කරතියි වෛද්‍ය පරිපාලන විශේෂඥ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කර ඇති සමීක්ෂණයකින් ඒ බව තහවුරු වන බව ද ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද මත පර්යේෂණ වලින් තොරව රෝග නිශ්චය කර බෙහෙත් ලබා දුන්නද ඇතැම් රෝගීන් සෑහීමකට පත් නොවන බවත්, පර්යේෂණ වැඩි වැඩියෙන් කරනවාට සමහරුන් කැමති බවත්, ඒ මගින් නිරපරාදේ ධනය විනාශ වනවා පමණක් නොව විවිධ අහිතකර බලපෑම්වල ලක්වීම සිදු වන බවත් වෛද්‍ය හේවගේ මහතා කියයි.