වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්


(රංජන් කස්තුරි)

ගලහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කළ තර්ජනය කළ සහ දේපළවලට හානිකළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට එරෙහි  වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු වනතුරු ගලහ රෝහලට කිසිදු වෛද්‍යවරයෙක් අනුයුක්ත නොකිරීමට තම සංගමය තීරණය කළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

ගලහ රෝහලේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති කඩිනම් තාක්ෂණික හා පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.