වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශයක් දෙන්න සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් ඉල්ලයි


( නිමන්ති රණසිංහ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට වෛද්‍ය පර්යේෂණ ආයතනය ආයතනය නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් මෙම ඉල්ලීම කරනු ලැබ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඖෂධ පිළිබඳව  මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට ඊයේ 31 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබූනි.