විනීතා එම් ගමගේ
වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග‍්‍රන්ථයකට පරිච්ජේදයක් සැපයීමට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාට අවස්ථාව ලැබී ඇත.
කෘෂිකාර්මික ජන ප‍්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව ඔහු ඔක්ස්ෆර්ඩ් පාඨ ග‍්‍රන්ථයට සැපයූ පරිච්ජේදය එම ග‍්‍රන්ථයේ හතරවැනි සංස්කරණයේ නව මුද්‍රණයේ 366 වැනි පරිච්ජේදය ලෙස මේ වනවිට ප‍්‍රකාශයට පත් ව ඇත.
මේ අනුව ඔක්ස්ෆර්ඩ් පාඨ ග‍්‍රන්ථයකට පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මහාචාර්ය ජයසුමන ඉතිහාස ගත වනු ඇත.
එම පරිච්ජේදයේ පළමු කතෘ මහාචාර්ය ජයසුමන වන අතර එල් සැල්වදෝර ජාතික මහාචාර්ය කාලෝස් ඔරන්ටේස් සහ බෙල්ජියානු ජාතික මහාචාර්ය මාර්ක් ඩි බ්‍රෝ දෙවන සහ තෙවැනි කතුවරු ලෙස ක‍්‍රියා කරති.
ඔක්ස්ෆර්ඞ් පාඨ ග‍්‍රන්ථ බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිකාරී බව උසුලන ප‍්‍රමුඛ පාඨ ග‍්‍රන්ථ ලෙස ලොව පුරා ප‍්‍රචලිතය.

