ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බදුල්ල රෝහලේ දී අක්මාවේ සැත්කමක් සිදු විය.
පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර අනුරුද්ධ තෙවරප්පෙරුම මේ සැත්කමේ නියමුවාය.
මැදිවියේ රෝගියකුගේ ගුද මාර්ගයේ පිළිකාව ද්විතීයක ලෙස අක්මාවට ද පැතිරී තිබිණි.
අක්මාවේ සැත්කම් කරන වෛද්‍යවරුන් ලංකාවේ විරලය.
රෝගියාගේ සිරුරේ කැපුමකින් ගුද මාර්ගයේ පිළිකාව ද, තවත් කැපුමකින් අක්මාවේ පිළිකාව ද ඉවත් කරන්නට ගියේ නම් අඩි එක හමාරක තරම් කැපුම් දෙකක් කරන්නට සිදුවන බවත්, එහෙත් මේ සැත්කමේ දී කැපුමේ දිග සෙන්ටිමීටර හතරකට සීමා කළ බවත්, පැය දෙකකින් සැත්කම අවසන් කළ බවත් විශේෂඥ වෛද්‍ය තෙවරප්පෙරුම මහතා කියයි.
මේ ක්‍රමයට සැත්කම කළ නිසා රුධිර වහනය මීලිලීටර 200කට සීමා කර ගත හැකි වූ බවත්, එසේ නොවූයේ නම් ලීටරයක් පමණ ලේ වහනය වීමට ඉඩ තිබිනැයි ද ඔහු කියයි.
හොඳ හා නවීන උපකරණ ඇත්නම් තවත් මෙවැනි සැත්කම් කළ හැකි යැයි ද, ශ්‍රී ලංකාව වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණ පැත්තෙන් ඉදිරියට යා යුතුයැයි ද වෛද්‍යවරු කියති.
මෙම ශල්‍යකර්මය කරන අවස්ථාවේම බදුල්ල මහ රෝහලේ ශල්‍යාගාරයේ දී තවත් අක්මා ශල්‍යකර්මයක් සිදු කැරිණි.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර දයා ධර්මප්‍රිය මහතාත් , හිටපු අධ්‍යක්ෂ දොස්තර සම්පත් ඉන්දික කුමාර නවීන උපකරණ ලබා දුන් බව ද දොස්තර තෙවරප්පෙරුම කියයි.