මොරටු විදුහලට පත් කළ නව විදුහල්පති ජේ ඩබ්ලිව් එස් සිරිවර්ධන මහතා ප්‍රතික්ෂේප කරමින් හය වැනි දිනටත් මවුපියෝ පිරිසක් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ඔවුන් ඉල්ලනුයේ විදුහල දියුණු කළ බව කියන හිටපු විදුහල්පති සම්පත් වේරගොඩ මහතාය.
නව විදුහල්පතිට එරෙහිව පුවරු ඔසවාගෙන මේ උද්ඝෝෂණ පැවැත්වේ.
තමාට පාසලට පැමිණ වැඩ බාර ගැනීම සදහා ආරක්ෂාව ලබා දෙන්නැයි නව විදුහල්පති මොරටුව පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
නගරාධිපති සමන්ලාල් ප්‍රණාන්දු මහතා මේ උද්ඝෝෂණයට නායකත්වය දෙයි.
විදුහල්පති පැමිණියහොත් ආරක්ෂාව සලසන බව පොලිසිය කියයි.
පොලිසියෙන් පනහක හැටක පමණ පිරිස් එහි කැදවණු ලැබ සිටිති.
පාසලේ අර්බුධය හටගත් දා සිටම පාසල ඉදිරිපිට ඉදිකළ තාවකාලික මඩුවක මවුපියෝ සීයක් දෙසීයක් නොකඩවා රැදී සිටිති.
තමා මෙම උද්ඝෝෂණයට සහභාගී වනුයේ නගරාධිපති ලෙස නොව දෙමාපියන්ගේ කෙනකු ලෙස බව පුරපති කියයි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූපය රේඛා තරංගනී)