වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ 63-11 කින් ශාන්ත ජෝන් පරදවති


අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ අද (10) මොරටුවේදී පැවැති තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 63-11 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කරමින් තෙවැනි ජය ලැබීමට සමත් වූහ. වේල්ස් කුමර විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 36-06 ක් ලෙස පෙරමුණේ පසු විය.