වේදිකාව ඇලවෙද්දී ගීතා බිමට පනී


බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර  ආරාධිත අමුත්තන්ට නැරැඹීමට ඉදිකර තිබූ පීඨිකාව පෙරදින රාත්‍රියේ හදිසියේ කඩා වැටිනි.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට ආරාධානා කර තිබුණද අධික වර්ෂාව නිසා ඔවුන්  පැමිණියේ නැත.

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහත්ම මහත්මීහු ඇතුළු ඒ මොහොතේ වේදිකාවේ සිටි 12 දෙනෙක් පමණ වේදිකාව බිමට ඇලවෙනවාත් සමග බිමට පැන ගත්හ. පසුදින පෙරහාර සිරිත් පරිදි පැවැත්විණි.