වේත්‍රධාරී තනතුරින් විශ්‍රාම යන අනිල් පරාක්‍රම වෙනත් තනතුරකට


(සුජිත් හේවාජුලිගේ)
 
වේත්‍රධාරී තනතුරින් හෙට (29) විශ්‍රාම යන අනිල් පරාක්‍රම සමරසේකර මහතා පාර්ලිමේන්තුවේ වෙනත් තනතුරකට පත් කිරීමට නියමිතය.
 
සමරසේකර මහතා පාර්ලිමේන්තුවේ ජාතික සංහිදියාව පිළිබඳව තේරීම් කාරක සභාවේ විශේෂඥ උපදේශකවරයෙකු වශයෙන් පත් කෙරෙන බවත් ඒ වෙනුවෙන් ඔහුට විශේෂ දීමනාවක්ද පිරිනැමෙන බවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට අද පැවැසීය.
 
මේ නව පත් කිරීමට සියලු අනුමැතිය ලැබී ඇතැයිද එම නිලධාරියා කිවේය.