මාතර වෙහෙරහේන පූර්වාරාමය පූජා භූමියක් ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂක ලේකම් ඝොටාභය රාජපක්ෂ මහතා එහි ගොස් ආගමික වතාවත් පවත්වා සමරු ඵලකයද විවෘත කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ මහාචාර්ය කොටකැටියේ රාහුල නාහිමියන් පැසුවේ තැනුම්පත රජ මහා විහාරය පුරාණ මන්තින්ද පිරිවෙණ, හිත්තටිය රජමහා විහාරය හා වෙහෙරහේවන පූර්වාරාමය ශාසනික හා ශ්‍රාස්ත්‍රීය ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථාන බවයි.
කිරම විමලජෝති, මාපලගම බුද්ධසිරි, පරවාහරි රතනසිරි හා ඇමෙරිකාවේ නන්ද හිමි වෙහෙරහේන පූර්වාරාමයෙන් බිහිවූ හිමිවරුන් බවද ඒ හිමියෝ කීහ.