වෙහෙරහැර රථ ගාල හැකි ඉක්මණින් ගන්නවා


(යොහාන් භාසුර)

මැර කණ්ඩායමක ග්‍රහණයට නතුව තිබෙන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර කාර්යාලයේ රථගාල හැකි ඉක්මණින් එම දෙපාර්තමේන්තුවට පවරාගන්නා බවත් ඒ සඳහා වන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියත් සමඟ එකතුව රථගාල පිහිටි ඉඩමේ මැණීම් කටයුතු ද මේ වන විට අවසන් කර ඇති බව ද වීරසිංහ මහතා කීය.