වෙස්ලි විදුහලට 38-0 ක ජයක්
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ වෙස්ලි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර තරගයෙන් ලකුණු 38-0 ක පහසු ජයක් ලැබීමට වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගය අද (18)පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-0 ක් ලෙස පෙරමුණේ පසු වූ වෙස්ලි විදුහල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය.

