වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට


පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ (2013) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ අද (03) පැවැති ‘ජනාධිපති’ කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී වෙස්ලි විදුහල් පිල ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබීය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 13-3 ක් ලෙස පෙරමුණේ පසු විය.

ජයග‍්‍රාහි වෙස්ලි විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර විද්‍යා විද්‍යාලයට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.