
(නිමන්ති රණසිංහ)
හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ යන අයට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කළාය.
දැනට උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් තම සේවාදායකයාගේ ආරක්ෂාව දැඩි කරන ලෙසට බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ යන අයට එරෙහිව අධිකරණයේ පවතින මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාර නඩුවක් සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

