වෙලේ සුදාගේ නඩුව විභාගයට නීතිපති අවසර
මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලකින් දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදා නොහොත් ගම්පල විතානගේ සමන්ත කුමාර නැමැත්තා නොමැතිව ඔහුට අදාළ නඩුව විභාග කිරීමට නීතිපති අවසර දුන්යේ.
ඔහු 2011 ඔක්තෝබර 14 දින ලංකාවෙන් පිටවී ඇති බව තහවුරු කිරීම සඳහා රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්කරුක්ෂ පෙරේරා මහතා අද සාක්කි ලබා දුන්නේය.
වෙලේ සුදාගේ බිරිඳ ගයානි ප්‍රියදර්ශනී සහ සහෝදරිය වසන්ති වසුන්දරා තවදුරටත් ජනවාරි 15 වැනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර කරනු ලැබූහ.

