(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ‘වෙලේ සුදා’, ‘සුසෙයි’ හා ‘ගෞතම්’ යන විශේෂ ගණයේ රැඳවියන් තිදෙනා යළිත් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර එවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ නීති උපදෙස් මත අද(09) සිට දින 14ක කාලයක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට වෙත මාරු කර යැවූ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඔහුට අධිකරණයේ විභාග වන නඩු ගණනක් ඇතැයිද පැවසේ.
මෙම විශේෂ ගණයේ රැඳවියන් තිදෙනා බූස්ස, ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරය.
මේ වනවිට පොට්ට නව්ෆර්, කංජිපානි ඉම්රාන්, ඌරු ජුවා, මොහොමඩ් සියාම්, බේකරි ජානක ඇතුළු පාතාල නායකයෝ හා සාමාජිකයෝ 18ක් පමණ බූස්ස සිරකුටි 16ක රඳවා සිටිති.

