ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයන් දෙපළක් වන ප‍්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර ආබාධයන්ට ලක්ව සිටිති.
වේග පන්දුයවන චානක වෙලගෙදර තරගයේ දෙවැනි දිනය වන අද (27) පෙරවරුවේ පන්දු යවමින් සිටියදී දකුණු පාදයේ ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත් වූ අතර වෙලගෙදර මේ වන විට ස්කෑන් පරීක්‍ෂණයකට ද පෙනී සිටි බව වාර්තා වේ.
කඩුලූ රකින ක‍්‍රීඩක මැද පෙළ පිතිකරු ප‍්‍රසන්න ජයවර්ධන පළමු දිනයේ පන්දුවට පහරදෙමින් සිටියදී දකුණු අතේ මහපටඇගිල්ලේ පන්දුව වැදීමේ ආබාධයකට ලක්ව සිටින අතර දෙවැනි දිනයේ කඩුලූ රකින්නා ලෙස කුමාර් සංග්කකාර කටයුතු කළේය.
මාස අටක පමණ කාලයක් ආබාධයන්ට ලක්ව සිටීමෙන් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටි වෙලගෙදරට බොහෝ විට ඕස්ටේ‍්‍රලියානු සංචාරයේ ඉදිරි තරග අහිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

