වෙරෝනා සාජ්ජේ තරුව නිවේ


ඉතාලියේ වෙරෝනා නුවර සංගීත ප‍්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නමගිය තරුවක් නොපැමිණීම නිසා සංවිධායකයෝ අපහසුතාවට පත්වූහ. යුරෝ දහය බැගින් (රුපියල් 1720) ටිකට් ගෙන එහි ගොස් සිටි අයට ආපසු මුදල් ගෙවීමට සිදුවිය. මේ ගායකයා ඉතාලියට පැමිණ සිටින නමුත් මෙම ප‍්‍රසංගයට නොපැමිණි බව සංවිධායක රුවන් ප‍්‍රනාන්දු මහතා කීය.