වෙරෝනා මිතුරෝ නත්තල සමරති


වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය සූදානම් කළ නත්තල් සුහද හමුවක් පැවැත්විණි. තාබොදා රංග ආයතනයේ දරුවෝ නැටුම් ද ඉදිරිපත් කළහ. රීප්ලෑෂ් කණ්ඩායමට සංගීතය ඉදිරිපත් කළේය. වසර විස්සක් පුරා දුරස්ව සිටි මිතුරන් පස් දෙනකුගේ අදහසකට අනුව ඇරැඹි වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ දැන් සාමාජිකයෝ සියයකට වැඩි පිරිසක් සිටිති. මව්බිමේ සාමාජසේවා රැසකට තම සංගමය දායක වී ඇතැයි සභාපති ඩික්සන් රොඩ්නි ප්‍රනාන්දු කියයි.