වෙරෝනා පන්සලේ පඬුරු සොරාගනී
ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය බිඳ යුරෝ හාරසියයක් (රුපියල් 68400ක්) පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි. විහාරස්ථානයට ආධාර පිණිස කප්රුකේ එල්ලා තිබු මුදල් පැහැරගත් ශ්‍රී ලාංකිකයා (37) හඳුනාගෙන පොලිසියට බාරදුන් බව විහාරස්ථාන දායක සභාව පවසයි. මොහු මෙයට වසරකට පෙර රාජාංගනයේ සිට ඉතාලියට පැමිණි අයෙකි. රැුකියාවක් දෙන පොරොන්දුව මත ඔහුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් ගෙන ඉතාලියට රැුගෙනවිත් අතමරං කොට ඇත්තේ ද වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෙකි. ”සෑම දිනකම වාගේ මෙයා පන්සලට එනවා. ඒ එන හැම අවස්ථාවකම මම මට පුළුවන් විදියට සංග‍්‍රහ කරනවා. සමහර අවස්ථාවල ගෙදරට කතා කරන්න කියලා දුරකථන කාඞ් පවා අරන් දුන්න. මේ සිදුවීමට පෙර දින රාත‍්‍රියේ මෙයා හොඳටම බීලා මා මරන්න කියලා පිහියකුයි පොල්ලකුයි අරන් ඇවිත් තියනවා.” විහාරාධිපති උඩවලවේ ඤානානන්ද හිමියෝ එසේ කීහ. පොල්ලකින් විහාරස්ථානයේ ගණ වීදුරුවකට පහරදීමෙන් කැඞී ගිය පොල්ලේ එක කොටසක් පන්සල් භූමියේද අනෙක් කොටස ඔහු සිටි නිවසේද තිබී තමන්ට හමු වූ බව දායක සභාව පවසයි.

