වෙරෝනා ආධුනික ගී තරඟය


ආධුනික ගී තරගාවලියක අවසන් වටය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවරදි පැවැත්විණි.

ගීත ගැයිමට හැකි  තරඟ කරුවන් සිය ගණනක් සහභාගි වු නසාරා ආධුනික ගී ප්‍රසංගයේ දී මාරවිල සුරේශ් ඉන්දික , කටුනේරියේ ලක්ෂ්මන් ප්‍රනාන්දු , බොරලෑස්සේ දිස්නා ප්‍රියදර්ශණී,  පිළිවෙලින් පළමු දෙවැනි හා තෙවැනි ස්ථානයන් හිමිකර ගත්හ.

ඉතාලියේ නොයෙක් නගරවල පවත්වන සංගිත ප්‍රසංග අතරතුර ගිත ගායනා කිරීමට බොහෝ අය පොරකනවා අන්න ඒ අයට වේදිකාවක් හදලා දෙන්න ඕන කියලා මම හිතුවා.

මගේ පළමුවැනි වෑයම සාර්ථකයි. ලබන වසරේ මෙයිටත් වඩා සාර්ථකව ආදුනික ගී ප්‍රසංගය කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපිට දෙවතාවක්ම මාධ්‍යයයෙන් පිහිට වුණු එසෑණට අපේ ස්තුතිය. කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැතිව තම පෞද්ගලික ධනයෙන් ප්‍රසංගය සංවිධානය කළ ශ්‍රිමාල් නිරෝෂන් එසේ පැවසීය.