වෙරෝණා නුවරත් ථූපාරාමයක්.


සම්බුදු තෙමගුල අති උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උළෙලක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. ලබන ඉරිදා තෙක් එය පැවැත්වේ. සාම ජාතක කතා පුවත රැගත් අඩි 16 ක් උස වෙසක් තොරණ, අනුරාධපුර ථූපාරාම අනුරුව, විදුලි පහන් කූඩු ආදිය දැක බලා ගැනීම සඳහා විහාරාධිපති හිමියන්ගේ හා දායක සභාවේ ආරාධනයෙන් වෙරෝනා දිස්ත‍්‍රික් රදගුරුතුමෝද පැමිණියහ. බත් දන්සලට තුන් දහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. වෙරෝනා වීචෙන්සා මාන්තෝවා නගරයන්හි තරුණ පිරිස් මෙම නිර්මාණ ඉදිරිපත් කළහ. මේ වෙසක් සැරැසිලි නැරඹූ කිතුනුවෝ එහි ශාන්ත හා මනස නිවන ස්වභාවය දැඩිසේ අගය කළහ.