වෙරොනාව බොදු සිරියෙන් ඇළලේ


ඉතාලියේ වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ කඨින        පූජෝත්සවය මෙවර ද මහත් හරසරින් පැවැත්විණි.  විහාරාධිපති උඩවලවේ ඤාණානන්ද ස්වාමීන් මහන්සේගේ ආරාධනයෙන් ආධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක නැදගමුවේ විජය මෛත්‍රි නාහිමි ද  එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය හා ඉතාලියේ නොයෙක් නගරවල වැඩවසන භික්ෂූන් වහන්සේලා ද මෙම පිංකමට වැඩම කළහ. වෙරෝනා අවට නගරයන්හි ජීවත්වන අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද, පැමිණ සිටියහ.  වෙරෝනා බෞද්ධ විහාරස්ථානය මිලදී ගැනීමට ඉදිරි මාස කිහිපයේ කටයුතු කරන බවත්  ඒ සඳහා දල වශයෙන් යුරෝ දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වැය වන බවත් පරිත්‍යාගශීලිනේග් උදව් උපකාර අපේක්ෂා  කරන බවත් දැනට මාසික කුලිය වශයෙන් ගෙවන යුරෝ හයසීය මෙමගින් ඉතිරි කරගත හැකිවන බවත් දායක සභාව ද විහාරාධිපති හිමියෝ ද කීහ.