වෙරුගල් ආරුවෙත් කොටි හොල්මන් ?


සේරුනුවර ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය ඉදිරිපිට වෙරුගල්ආරු නාවික හමුදා කඳවුරේ භටයකුට පහර දී ටී 56 අවියක් දමා පැන ගිය තිදෙනා සොයා පොලීසිය, හමුදාව හා නාවික හමුදාව අද මෙහෙයුමක් ඇරඹීය. රාජකාරී ගමනක් යමින් සිටි නාවික භටයා මේ තිදෙනා අත තිබූ මල්ලේ මොනවාදැයි ඇසූ විට ඔවුන් එක්ව එම භටයාට පහර දී ඇතැයි කියති.

පහරදුන් අය පැන ගිය පසු මල්ල සෝදිසි කළ භටයා එහි තිබූ ටී. 56 අවියක් සොයාගෙන ඇත. කොටි සටන් පැවති සමයේ වෙරුගල්ආරු කරුණාගේ ද බළකොටුවකි. හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ගොඩබට ස්ථානය වශයෙන් පාෂාණ පබ්බත විහාරය හැඳින්වේ.