වෙරළාරක්ෂකයෝ 45 ක් අල්ලති


දෙසතියකට පෙර වෙන්නප්පුවෙන්  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි 45 දෙනකු බේරුවලින් ඔබ්බට මුහුදෙන් අත්අඩංගුවට ගෙන බේරුවල පොලිසියට බාරදුන් බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කොමදෝරු චන්දන බුලේගොඩ ආරච්චි කියයි. බෝට්ටු දෙකකින් වෙන්නප්පුවෙන් ගිය එම පිරිස එක් බෝට්ටුවකට මාරුවී යද්දී මුහුද රළුවීම නිසා ආපසු හැරී ඇති බවත් ඔවුන් ත‍්‍රිකුණාමලය, මුලතිව් හා කිලිනොච්චි පදිංචිකරුවන් බවත්  බුලේගොඩ ආරච්චි මහතා පවසයි.