(එම් .සුසිල් ප්‍රියන්ත,දයා සිරිල් ධම්මික සහ එම් .හේමන්ත ද සිල්වා)
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධිතව සේවය කරන වෙරළ සංරක්ෂණ නිලධාරියකුට මැර ප්‍රහාරයක් එල්ල කළැයි කියන පුද්ගලයකු වහාම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අද (21 ) හික්කඩුව උද්ඝෝෂණයක් ඇරඹිණි.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ගාලු දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ සංගමය,වෙරළ සංරක්ෂණ නිලධාරීන්, උපාධිධාරී සංගමය ඒකාබද්ධව මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
හික්කඩුව ගොඩගම ප්‍රදේශයේ වෙරළ තීරයේ අනවසර ගොඩ කිරීමක් පිළිබඳව සොයා බැලීමට ගිය හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ වෙරළ සංරක්ෂණ නිලධාරී ක්‍රිස්‍ටි විජේකුමාර මහතාට මෙලෙස පහරදී තිබේ.
මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වෙරළ සංරක්ෂණ නිලධාරීවරයා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උද්ඝෝෂකයෝ කියති .



