වෙබ් අඩවි සේවකයෝ වන්දි ඉල්ලති
ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාල වැටලීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ද එම වෙබ් අඩවි සේවකයෝ හය දෙනෙක් ද වන්දි ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. රහස් පොලිසිය පොලිස්පති හා නීතිපති වග උත්තරකරුවෝය. මිරර් වෙබ් අඩවි සේවකයින් පස් දෙනකු රුපියල් ලක්ෂ 50 බැඟින් ද සේවිකාවක රුපියල් දස ලක්ෂයක් ද සමරවීර මහතා රුපියල් ලක්ෂ 50ක් ද වන්දි ඉල්ලති

