වෙබ් අඩවි තහනම් කළාට මංගල උසාවි යයි
තම පාලනය යටතේ පවත්නා ශ්‍රී ලංකා එක්ස් නිවුස් අන්තර් ජාල වෙබ් අඩවිය කෙසේ හෝ වසා දැමීමේ කොන්ත‍්‍රාත්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු දෙදෙනකුට බාරදී ඇතැයි ද එම ස්ථානයේම පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මිරර් අන්තර් ජාල වෙබ් අඩවිය ද ඒ සමගම වසා දැමී යැයි ද එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කියයි.
දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කළ වගන්තියකින් උසාවියට ඉදිරිපත් කැරුණු සැකකරුවනට ඇප නියම විය. අන්තර් ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ යුතු බව ශ්‍රී ලංකාව කියන එවැනි නීතියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත වී නැතැයි ද සමරවීර මහතා පවසයි. රජයට එරෙහිව මූලික අයිතිවාසි පෙත්සම් ගොනු කරන බව ද ඔහු පවසයි.

