
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පුත්තලම වෙප්පමඩුව සුසාන භුමියේ මිහිදන් කර තිබු 56 හැවිරිදි අයකුගේ සිරුර පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතාගේ ඉදිරියේ අද(10 ) පෙරවරුවේ ගොඩ ගත්තේය.
පුත්තලම වෙප්පමඩුව පදිංචිව සිටි සිව් දරු පියකු වු මොහොමඩ් නිස්තාර් නැමති 56 හැවිරිදි අයකුගේ සිරුරක් මෙසේ ගොඩගත්තේය
මොහු පසුගිය 4 දින නිවසේදි මරණයට පත්ව තිබු අතර ඔහු කිසිදු නීරෝධායන නීතියක් අනුගමන නොකරමින් එදිනම වෙප්පමඩුව සුසාන භුමියේදි මිහිදන් කර තිබු බව කියයි.
ඔහු මරණයට පත්ව දින දෙකකට පසු 6 දින ඔහුගේ දියණිය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර සිටියදි මරණයට පත්ව සිටි බවත් ඒ සමගම නිවසේදි මරණයට පත්වු මෙම තැනැත්තාගේ බිරිදගේ සිරුර ද රෝහලට ඇතුලත් කර තිබුනී.
එම කාන්තාවන් දෙදෙනාගෙන්ම ලබා ගත් කේඨ පටල පරික්ෂා කිරීමේදී ( පිසිආර්) මොවුන් කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගෙන තිබුනී.
ඒ අනුව කිසිදු ලෙසකින් නීරෝධායන නීති අනුගමනය නොකරමින් සෞඛ්‍ය අංශ හා පොලිසිය දැනුවත් නොකරමින් මිහිදන් කල තැනැත්තාද කොරෝනා ආසාධිත වන්නට ඇති බවට සැකකරමින් පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පුත්තලම පොලිසියට පැමිනිලි කර තිබුණි.
අදාල පැමිණිල්ලට අනුව පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් පුත්තලම අධිකරණයට මේ සම්බන්ධව කරුණු වාර්තා කරමින් අදාල සිරුර නැවත ගොඩ ගැනිමටත් හා පිසිආර් පරික්ෂණයකටත් අවසර ඉල්ලා තිබුණි.
ඒ අනුව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතාගේ නියෝග මත 10 දින මෙම සිරුර ගොඩ ගැනුනේ පුත්තල සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කුලේන්ද්‍ර ප්‍රේමදාස මහතාගේද සහභාගිත්වයෙනී.
මෙම අවස්ථාවට පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.කුමාරදාස මහතා සමග පොලිස් නිළධාරින් එක්ව සිටි අතර මනතිව් මහජන සෞඛ්‍ය පරික්ෂක ධනංජය මනෝජ් මහතා ඇතුළු පිරිසක් එක්ව තිබුනී.
මනතිව් භාර මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසා සිටියේ රහසේ මිහිදන් කල තැනැත්තාගේ අවසන් කටයුතු කල මවුලවිවරයා ඇතුළු නිවාස 9ක පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් නීරෝධායනයට ලක්කර ඇති බවයි.





