වෙන්වූ බිරියට නඩු
අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කැර විවාහ වී හයවසරක් පවුල් කෑ 32 හැවිරිදි ඉතාලි පාදෝවා නුවර බිරියක සැමියාගේ (41) නොතිත් කාම ආශා සපුරන්නට නොහැකිව පසුගිය දා උසාවියේ නඩු කියා දික්කසාදයක් ලබාගත්තාය. ඒ වන විට ඇය එක් දරු මවකි.
ඇගේ හිටපු සැමියා ඇය එම අවබෝධතා ගිවිසුම උසාවියට ඉදිරිපත් කැර බිරියට එරෙහිව නඩුවක් පැවරීය.
විවාහය අවසන් වූවත් දිවි ඇතිතෙක් ගිවිසුම ප‍්‍රකාර ලිංගික හැසිරීම්, මිතුරු මිතුරියන් ඇසුර, නිදහස, දරුවන් හදා වඩා ගැනීම ආදිය සැමියාගේ සිතැඟි පරිදි සිදුවිය යුතු බවට වන සියලූ කොන්දේසි හිටපු බිරියගෙන් ඔහු ඉල්ලයි.

