වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි
කඩු පහරකින් දකුණු අත වැලමිට ළඟින් වෙන්වූ පානදුර කලූදෑවල 17 හැවිරිදි තරුණයකුට අද පැය නවයක සැත්කමක් කොට සාර්ථකව අත බද්ධ කළ බව කොළඹ ජාතික රෝහල කියයි.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගමගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන සහ වෛද්‍ය ඞී. එස්. කුමාර සැත්කම කළහ.
කඩු පහරින් අත කැපුණු පසු තරුණයා පානදුර රෝහලට ඇතුළු කොට එතැනින් කොළඹ ජාතික රෝහලට එවා තිබිණි.
අද (1) අලූයම 1.30ට ඇරැඹුණු සැත්කම පෙරවරු 10.30ට අවසන්වූ බවත් සැත්කමෙන් පසු රෝගියා සුවය ලබමින් සිටින බවත් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන පවසයි.

