වෙන්දේසියට අතුරු තහනමක්
හොරණ පර්ත් වත්තෙන් බිම් කැබැලි තුනක් විකිණීම කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් තහනම් කරනු ලැබීය.
හොරණ විද්‍යාලෝක පෞද්ගලික ආයුර්වේද විදුහලට කොළඹ ඩියුක් වීදියේ මහජන බැංකුවට එරෙහිව මේ තහනම පැනැවූයේ වත්තේ හිමිකරු වන මුනිදාස චාල්ස් පර්ඩිනැන්ඩස් මහතාගේ පෙත්සමක් සලකා බැලීමෙනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වන ඔහු කියනුයේ ආයුර්වේද විදුහලට කුලියට දුන් මෙම ඉඩම් එම විදුහල විසින් බැංකුවට උගස් කරන ලද බවයි.

