පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් රීතියක් බවත් අධිකරණ විනිසුරුවරයකුට එරෙහි චෝදනා විභාග කිරීමේ නීතිමය බලයක් පර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට නැති බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ස්කන්ධරාජා , ඒ. ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එම තීරණය ඒකමතික විය . ඔවුන් ප්‍රකාශ කෙළේ විනිසුරුවරයකුට එරෙහි චෝදනාවක් විභාග කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර ගත යුතු බවයි. එහි දී චෝදනා ඔප්පු කිරීමේ නීතිමය තත්ත්වය නිවැරැදි ලෙස සිදුවිය යුතු බව ද ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලය පැවැසීය.

