තුන්මාසයක් වයසැති මොහොමඩ් අම්ජාඩ් දරුවාට සුන්නත් සැත්කමක් කළ ආයුර්වේද වෛද්‍ය මොහොමඩ් නියාස් ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය නියෝග කළාය.
සුළු සැත්කම් කිරීමට ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ඔහුට අවසර දී ඇතැයි ඉදිරිපත් කළ ලිපියක් සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඔහු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදා හැරියාය.
ඔහුගේ ගමන් බලපත තහනම් කළ අතර පැමිණිල්ලලේ සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස අවවාද කැරිණි.
එම සැත්කමෙන් පසු දරුවා බොරැල්ල ළමා රෝහලේදී මිය ගියේය.

