(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ රැදවියා කොළඹ ජාතික රෝහලට මාරුකර ඇතැයි රෝහල් අරංචි මාර්ග කියයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිට හෝමාගම අධිකරණයට රැගෙන ආ රැඳවියකු එම ස්ථානයෙන් පළා යාමට තැත් කිරීමේදී අද (17) උදෑසන මෙම වෙඩි තැබීම සිදු කෙරිණි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැදවියා උදෑසන හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

