( ඉන්දිකා රාමනායක සහ ඩී.ජී.සුගතපාල)
අහංගම දික්කුඹුර මාර්ගයේ පාංචාලිය විදුහල අසලදි වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ දික්වැල්ල දඹගස්ආර පදිංචිකරුවකු වන ලියන පටබැඳිගේ කසුන් චාමර නමැති 26හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දික්වැල්ල වලස්ගල පදිංචි මිතුරකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇති අතර පසුව ඔහු වැලිගම රෝහලට ගෙන ගොස් ඇත. ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවත් ඔහු සමග සිටි මිතුරාට තුවාල සිදුව නැති බවත් පොලිසි පවසයි.
ඝාතනය ලක්වු පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණ ඇති අයකු බවට තොරතුරු අනාවරණයවි ඇති අතර මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක් හේතුවෙන් සිදු කරන ලද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ පැවැත්විමට නියමිතව තිබු අතර අහංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටි.එච්.බන්දුල මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.