වෙඩි තැබීමක් ගැන විජයදාසගෙන් පැමිණිල්ලක්


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙස අසල වෙඩි සද්ද ඇසුණු බවත්, ඔහුගේ රියැදුරු විසින් හිස් පතුරොම් කොපු දෙකක් සොයා ගත් බවත් පොලීසියට පැමිණිලි කැර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීවේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති නමුත් වෙඩි තැබීමක් නොවූ බවයි. අසල ගෙදරක නත්තල සමරද්දී රතිඤ්ඤා පත් කළ බව ඔහු කියයි. විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙසට හෝ කිසිවකුට හානියක් වී නැතැයි මාධ්‍ය ප්‍රකාශක කියයි.