වෘත්තීය සමිති පෙත්සම විසි කරයි


තමන් වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කතානායකට ඉදිරිපත් කළ දෝෂාභියෝග වාර්තාව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය විසින් ඉදිරිපත් කැරුණු පෙත්සම ඉවත දමන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිත් සම්මේලනයේ මහා ලේකම් ඩී.සී. වීරසේකර ගෙනු කළ අතුරු පෙත්සම අභියාචනාධිකරණ අද ඉවත දැමීය. කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සාමාජිකයන් 11 දෙනකාගෙන් දෙදෙනෙක් පමණක් උසාවිට පැමිණ සිටියහ. දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්දන් සහ ජවිපේ විජිත හේරත් මහත්වරු ඔවුහුය. ඔවුන්ගේ නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්දිරන් හා ජේ.සී. වැලිඅමුණ මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ. කතානායක රාජපක්ෂ මහතා හෝ කමිටු සභාපති ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා හෝ රජයේ හා එජාපයේ සාමාජිකයෝ පැමිණ නොසිටියහ.