වූහාන්හි සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු බව චීන තානාපති කියයි


(නාලක සංජීව දහනායක)
 
නව කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ වුහාන් නගරය සිටින සියලූම ශ්‍රී ලංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂුවාන් මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.
 
කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීම සදහා චීන රජය මේ වනවිටත් පියවර ගෙන තිබෙන බවත් මේ වනවිට වසා දමාතිබෙන වූහාන් නගරයේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට ගෙනඒමට චීන රජය කටයුතු ක රමින් සිටින බවත් තනාපතිවරයා පවසා තිබේ.
 
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඊයේ (30) රාත‍්‍රියේදී අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී චීන තානාපති චෙං ෂුවාන් මහතා මේ බව සදහන් කර ඇත.
 
වූහාන් නගරයේ වාසය කරන සිසුන්ගේ සහ එහි ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට චීන රජය කඩිනමින් කටයුතු කරන බව පැවසූ චීන තානාපතිවරයා එම නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවද අගමැතිවරයා එහිදී අවධාරණය කළහ.