වීසා නොමැති පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)
 
විදේශීය ගමන් බලපත‍්‍ර සහ වීසා නොමතිව ශ්‍රී ලංකාවේ සැරිසරමින් සිටි පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අද (26) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ 42ක සහ 27 වියේ පසුවෙති.
 
මෙම පුද්ගලයින් දෙදෙනා 2015 වර්ෂයේ සිට විදේශීය ගමන් බලපත‍්‍ර සහ වීසා නොමතිව සිට ඇති බව අනාවරණය වී තිබේ.
 
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.