වීසා නැති ලාංකිකයෝ ති‍දෙනෙක් ඇල්ලෙති


මහා බ්‍රිතාන්‍යයේ සිටිංබෝන්හි ගරාජයක අනවසරයෙන් සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට පෙර සංක්‍රමණික කඳවුරකට යැවූ බව බ්‍රිතාන්‍යය ආගමන නිලධරයෝ කියති.

වයස අවුරුදු 22ක් වූ දෙදෙනකු හා වයස 33ක් වූ පුද්ගලයකු වීසා නැතිව රැකියාව කළැයි වැටලීම කළ නිලධරයෝ කියති.

එක් අයකු වෙනුවෙන් පවුම් දස දහසක (රුපියල්2,000,000) දඩයක් ගෙවීමට ද ව්‍යාපාරිකයාට සිදු වේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයනට යළි බ්‍රිතාන්‍යයට ඒමට නොහැකි වන බව ද බ්‍රිතාන්‍ය රජය කියයි.