(අජන්ත කුමාර අගලකඩ)
දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද(13) කටයුතු කළේය.
ඒ අනුව අදාළ විෂයයන් සම්බන්ධයෙන් මහ ඇමැතිවරයා අද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ මහතා ඡන්දය භාවිතා කළ අයෙකි.

