රාජ්‍ය ආයතනයක් මගින් මත්තේගොඩ සහ කහතුඩුවේ කළ නිවාස ව්‍යාපෘති දෙකේ දී හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශගේ ළඟම ඥාතීන්ට අඩු මිලට නිවාස පහක් දී මූල්‍ය අක්‍රමිකතාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරඹා ඇතැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ජනපති මාධ්‍ය අංශයේ සේව කළ ප්‍රියන්ත මිලින්ද රත්නායකට ද නිවසක් දී ඇතැයි රහස් පොලිසිය කීවේය.
ඕෂන් වීව් පුද්ගලික සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුව මෙම අපරාධය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කැරිණි.

