වීරවංශ එපා : යෝජනාව ඒකමතිකව සම්මත වේ


කඩුවෙල සම්බන්ධීකරණ කමිටු සභාපති ඇමැති විමල් වීරවංශ එම පදවියෙන් ඉවත් කරීමේ යෝජනාවක් ඒකඡන්දයෙන් සම්මත විය.

සන්ධාන මන්ත්‍රීවරු 16 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

ජතිත නිදහස් පෙරමුණේ මන්ත්‍රී බුද්ධික ජයවිලාල් හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ.

වීරවංශ මහතා සභාපති කමෙන් ඉවත් කර ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කරන ලෙස යෝජනාව ඉදිරිපත් කළ ඩබ්ලිව් වී සුරේෂ් ප්‍රියදර්ශන මහතා කියා සිටියේය.

වීරවංශ මහතා හිතුවක්කාර තීන්දු ගනිමින් නිලධාරීන්ට බලපෑම් කරමින් රජය අපහසුවට පත්කරන හෙයින් ඔහු එම තනතුරට නොගැලපෙන බව ප්‍රියදර්ශන මහතා කීවේය.