වීරකෝන් 151 වැනි එක්දින ක‍්‍රීඩකයා වෙයි
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ 151 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස වමතින් පා දඟ පන්දු යවන සජීව වීරකෝන් එක්දින වරම් ලැබීය.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 34 හැවිරිදි වීරකෝන්, කොළඹ කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය නියෝජනය කරයි.

