වීරකැටියේ මව්පියවරු ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවක


(අනීෂා මානගේ)

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගත්තැයි මව්පියවරු පිරිසක් විරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් අද(28)විරෝධතාවයේ නිරත වූහ.

මොවුහු  ඉකුත් 6 වැනිදා ද වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය අසල තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක රැඳී සිටිමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සමඟ පැවැති සාකච්ඡා හේතුවෙන් එම උපවාසය තාවකාලිකව නතර කෙරිණි. කෙසේ වුවද ඉන් විසඳුමක් නොලැබුණු නිසා තමන් මෙසේ විරෝධතාවයේ නිතර වන බව මව්පියවරු කියති.

වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහුද විරෝධතාව පැවැති ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් විසිර යැවූහ.