වීරකැටියේ උපවාසයේ යෙදුණු අයෙක් අසාධ්‍ය වී රෝහලට


(අනීෂා මානගේ)
 
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ පියෙකුගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍යවී අද(07) වීරකැටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
 
මෙලෙස රාජපක්ෂ පතිරණගේ ධර්මසේන(42) නමැති අයෙකි.
 
සුවසැරිය ගිලන් රථයකින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමට අනෙක් මවුපියවරු පියවර ගත්හ.
 
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් දරුවන්ගේ පියවරු දෙදෙනෙක් ඊයේ(6) විද්‍යාලය අසළ තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක රැඳී සිටිමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
 
ඉකුත් 3 වැනිදා සහ 5 වැනිදා ද  මවුපියවරු විරෝධතාවක නිරත වූහ. විරෝධතාවලින් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් පියවරු දෙදෙනෙක් ඊයේ(6) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
 
මාරාන්තික උපවාසයේ නිරත වන දෙදෙනාට සහය පළ කරමින් තවමත් පාසලක් නොමැති දරුවෝ14 දෙනා සහ එම දරුවන්ගේ මවුපියවරු රැඳී සිටිති. අසාධ්‍ය වී රෝහල්ගත කළ පුද්ගලයා වෙනුවට වෙනත් අයකු උපවාසයට එක් වූයේය.