වීඅයිපී ලේබලේ ඉවතට


 ප්‍රභූ (වීඅයිපී) සහ විශේෂ ප්‍රභූ (වීවීඅයිපී) යනුවෙන් වාහනවල ඉදිරි වීදිරුවේ අලවා ඇති ලේබල හෝ ස්ටිකර් වහා ඉවත් කරීමට පියවර ගන්නා ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සියලු පොලිසි වෙත දැනුම් දුන්නේය.

එවැනි ස්කර් හෝ ලේබල අලවාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී දූෂිත ක්‍රියා  කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

කිසිම අවස්ථාවක එම ලේබල සහිතව මහා මාර්ගයේ වාහන ගමන් කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

මේ අතර වාහනයක රියදුරු අසුනේ සහ ඉදිරිපස අසුනේ සිටින්නන් නොපෙනෙන ලෙස ඉදිරිපස වීදුරුව හෝ ජනේල අඳුරු පැහැ කර ඇති වාහන සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට ද යයි.