2005-2006 කාලයේදී වී මිලට ගැනීමට රජයෙන් දුන් රුපියල් ලක්ෂ 92කට වැඩි මුදලක් වංචාකළ අම්පාර නාමල්තලාව හිටපු ගොවිජන සේවා නිලධාරි පෙට්ටිගමගේ අමරසේනට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා රුපියල් 27,625179 ක දඩ නියම කළේය.
දඩ ගෙවීම පැහැර හරින්නේ නම් වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගත්තේය.
ඔහුගේ මහලු භාවයද 2014 දී හෘද සැත්කමකට භාජනයවූ බවද පෙර වැරදි නොතිබීමද සැලකිල්ලට ගෙන මෙම දඬුවම් නියම කැරිණි.

